භාවනා පුහුණු වැඩසටහනෙහි කාල සටහන

  • පෙ.ව 04.45 - අවදිවීම/සමූහ භාවනාව
  • පෙ.ව 06.00 - තේ පානය
  • පෙ.ව 07.30 - උදෑසන ආහාරය
  • පෙ.ව 08.00 - ක්‍රියා භාවනාව
  • පෙ.ව 09.30 - සමූහ භාවනාව
  • පෙ.ව 11.00 - දේශනය
  • පෙ.ව 12.00 - දිවා ආහාරය/ආවර්ජනය/විවේකය

  • ප.ව 02.00 - සක්මන් භාවනාව
  • ප.ව 02.30 - සමූහ භාවනාව
  • ප.ව 03.30 - තේ පානය / සක්මන් භාවනව
  • ප.ව 04.30 - සමූහ භාවනාව
  • ප.ව 06.00 - සැහැල්ලු ආහාරය
  • ප.ව 06.40 - තෙරුවන් වන්දනාව/සමූහ භාවනාව
  • ප.ව 08.00 - ධර්ම සාකච්ඡාව
  • ප.ව 09.00 - ආවර්ජනය/නින්දට යාම

ප්‍රධාන භාවනා ශාලාව



දහම් මගට අත්වැලක් නැමැති පොත් පිංච සැකසූයේ භාවනා පුහුණුව ගැන ඔබට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහාය. මධ්‍යස්ථානයට පැමිණීමට පෙර එය කියවීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

මධ්‍යස්ථානයේදී වැඩසටහනට ලියාපදිංචි වීමේදී නොමිලයේ පොතක් ඔබට ලැබෙනු ඇත.

මෙම පුහුණු වැඩසටහනට පැමිණීමෙහි අරමුණ

  • අලුත් දැනුමක් ලබාගැනීම නොව
  • කලින් කියවා සහ අසා දැනගත් කරුණුවල පටලැවිලි ලිහා ගැනීම නොව
  • පරණ යහළු මිත්‍රයන් මුණගැසී ආගිය තොරතුරු කථා කිරීම නොව
  • අලුත් මිත්‍රත්වයන් හදාගැනීම නොව
  • කායික නිරෝගීබව ලබාගැනීම හෝ මෙතුවක් කල් පත්වීමට නොහැකි වූ කිසියම් තනතුරකට පත්වීම නොව හුදෙක් සති සමාධි දහම් දියුණු කර යථා දැක්ම සඳහාය.
  • පූර්ණ නිශ්ශබ්දතාව අවදි වූ තැන සිට නින්දට යනතුරු පවත්වාගන්න.
  • සියළුම සමූහ භාවනා සැසිවලට, දේශන සහ සාකච්ඡාවලට අනිවාර්යෙන්ම නියමිත වේලාවට සහභාගිවන්න.
  • ලැබෙන උපදෙස්වලට මැනවින් සවන් දෙන්න. පැහැදිළිව වටහාගන්න. ගැටළු ඇත්නම් ධර්ම සාකච්ඡාවේදී හෝ පුද්ගලිකව විමසා නිවැරදිව වටහාගන්න.
  • සෙසු යෝගීන්ට උපදෙස් දීමෙන් ද උපදෙස් ගැනීමෙන් ද වලකින්න.

නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ නේවාසික භාවනා පුහුණුවීම සඳහා පැමිණෙන ඔබ දැනගත යුතු කරුණු

  • මෙම මධ්‍යස්ථානය තුළ දී පන්සිල් ආරක්ෂා කිරීම පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.
  • මධ්‍යස්ථානය තුළ සහ අවට දුම්පානය කිරීමෙන් මුළුමනින්ම වළකින්න.
  • නිශ්ශබ්දතාවය රැකීම තම භාවනා පුහුණුවෙහි අංගයක් කොට සළකන්න. ප.ව 3.30 සිට 4.00 දක්වා කාලය තුළ නිවැරදි කථා පුහුණුවෙහි යෙදෙන්නට උත්සාහ කරන්න.
  • ගුවන් විදුලි යන්ත්‍ර සහ ජංගම දුරකථන පාවිච්චි කිරීමත්, නිතර නිතර කථාබහෙහි යෙදීමත්, කුටිතුළ භාවනාවෙහි ‍යෙදෙන භාවනානුයෝගින්ට බාධාවක් වන බව සිහියේ තබාගන්න. අත්‍යවශ්‍ය කථාබහක් නම් කරුණාකර ගොඩනැගිලිවලින් ඈත්ව හැකි පමණ කෙටියෙන් අවසන් කරන්න.
  • විශේෂයෙන්ම රාත්‍රියේ දී සහ සෙසු කුටි තුළ සිටින අනිකුත් භාවනානුයෝගීන්ගේ විවේකයට සහ නින්දට උපකාරී වන පරිදි නිශ්ශබ්දතාවය රකින්න. සිහියෙන් සහ සන්සුන් මනසින් යුතුව නින්දට පිවිසෙන්න.
  • කරුණාකර දේශීය සංස්කෘතිය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න (විශේෂයෙන්ම ඇඳුම්, ගැහැණු පිරිමි සම්බන්ධතාවය හා මධ්‍යස්ථානයට නොගැලපෙන අංග පිළිබදව)
  • මධ්‍යස්ථානයට ගැලපෙන අයුරින් සංවර ඇඳුම් පරිහරණය කරන්න. (ශරීරය මුළුමනින්ම ආවරණය වන පරිදි)
  • කරුණාකර අන් අයගේ කුටි තුළට යාමෙන් වළකින්න. එමෙන්ම ගැහැණු පිරිමි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් අවට ඇවිදීමට යාමෙන් වළකින්න.
  • තෙරුවන් වන්දනාව සඳහා ඔබගේ සහභාගිත්වය අගය කරමු. ඊට සම්බන්ධ වීම අනවශ්‍ය යැයි ඔබ සිතන්නේ නම් කරුණාකර වන්දනාවෙන් පසුව භාවනාව සඳහා ශාලාව තුළට පිවිසෙන්න.
  • භාවනාව, ධර්මය සහ මෙම මධ්‍යස්ථානය පිළිබදව යම්කිසි ගැටළුවක් ඇත්නම් කරුණාකර මධ්‍යස්ථානයේ උපදේශකතුමා හමුවී ඒ සම්බන්ධව කථා කරන්න. එසේත් නැතිනම් කාර්යාලයෙන් විමසන්න. ඒ සමිබන්ධව සෙසු භාවනානුයෝගීන්ට උපදෙස් දීමට යාමෙන් වළකින්න.
  • භාවනා ශාලාවට නාද වන ඔරලෝසු හා වතුර බෝතල් ගෙන ඒමෙන් වලකින්න
  • ජංගම දුරකථන මුලුමනින්ම ක්‍රියා විරහිත කර තබන්න.

මෙම කරුණු සම්බන්ධව හෝ කාලසටහන අනුගමනය කිරීම ගැන හෝ වෙනත් ප්‍රායෝගික ගැටළු හෝ ඇත්නම් කල් නොයවා කරුණාකර උපදේශකතුමා හෝ කාර්යාලයේ සේවක මහතෙකු හමුවන්න.
මෙහි ඔබ සිටිනුයේ භාවනා කිරීමට බව නිරතුරුව සිහියේ තබා ගන්න.

ඔබ ලබාදෙන සහයෝගය පිළිබදව අප කෘතඥ වෙමු. සතුටින් භාවනාව පුහුණු වීමට උත්සාහ කරන්න.